Colombo Today Local News

දෙමසක් ඇතුළත නඩු අසා දඩුවම් දෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සති හතරක් හෝ සති හයක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

මෙම අධිකරණයේ විනිශ්චයකාරවරු පත්කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයාට පැවැරී ඇත. මෙම අධිකරණය පිහිටුවීමේ අරමුණ දූෂණ, වංචා සම්බන්ධයෙන් පවරන නඩු සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දු තීරණ ගෙන දඬුවම් දීම හා අදාළ මුදල් අයකර ගැනීම බව අමාත්‍යවරිය කියා සිටියේය. නීතියේ ගැටලුවක් නොවන්නේ නම් මෙම අධිකරණය හරහා එක දිගට නඩුව විමසා මාසයක් ඇතුළත වුවද නඩුව අවසන් කොට තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇත. රටේ පවතින නීතියට එකඟව තීන්දු තීරණ ගන්නා මෙම අධිකරණ පද්ධතියට කිසිදු ආකාරයකට දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බව තලතා අතුකෝරළ අමාත්‍යවරිය පැවැසුවාය.

කුමන නඩුව ප්‍රථමයෙන් විමසනවාද යන්න සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බවද ඇය කියා සිටියාය. ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන මෙම නව අධිකරණය තුළ විමසන ප්‍රථම නඩුව බැඳුම්කර සම්බන්ධ නඩුව විය හැකි බවද අමාත්‍යවරිය සඳහන් කළේය.

අමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

Related posts

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පියවර

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

“උතුර නැගෙනහිර එක්කළ යුතුමයි.. ඉල්ලීම් නොදුන්නොත් ප්‍රචන්ඩ ක්‍රියා නැවත ඇතිවෙයි” – සම්බන්ධන්

colombotoday