Colombo Today Local News

සත්‍යග‍්‍රහයට ගිය දෙමාපියෝ ඔලූවිල් සරසවියේ හිරවෙති – උපකුලපති එම්. එම්. එම්. නජීම් දෙමාපියන්ට බොරු කියලා

අම්පාර ඔලූවිල් විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 19 දෙනකුගේ දෙමාපියන් 19 දෙනකු එම පීඨය නැවත විවෘත කරන ලෙස ඉල්ලා පෙරේදා (13 වැනිදා) සිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත.

මවුවරුන් 14 දෙනකු සහ පියවරු 05 දෙනකු මෙලෙස සත්‍යග්‍රහයේ යෙදී සිටින අතර පාලනාධිකාරිය විසින් ඔවුන් සිටින ගොඩනැඟිල්ලේ දොරවල් වසා සියලු වැසිකිළිද වසා ඇතැයි එම දෙමාපියෝ පවසති.

විශ්වවිද්‍යාලය තුළ පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පීඨාධිපතිවරයා හමුවීමට මෙම දෙමාපියන් ඉකුත් 13 වැනිදා පැමිණියත් එදින රාත්‍රී 11.00 පමණ වනතෙක්‌ ඔහු ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා නොදුන් බව පවසති.

පසුව රාත්‍රි 12.00 න් පසු උපකුලපති එම්. එම්. එම්. නජීම් මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පන්ති තහනම් කරන ලද සිසුන්ගේ තහනම ඉවත් කිරීමට එකඟ වුවත් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් සම්බන්ධව තීරණයක්‌ ගත නොහැකි බව පවසා ඇත.

එම තීරණයට දෙමාපියන් විරෝධය පෑ විට උපකුලපතිවරයා එම සිසුන්ගේද ශිෂ්‍යභාවය ලබාදීමට එකඟවී තිබේ.

එය ලිතව දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටි විට උපකුලපතිවරයා එය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ ලබාදී ඇත.

සිංහල භාෂාවෙන්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට උපකුලපතිවරයා පරිපාලන ගොඩනැඟිල්ලෙන් ඉවත්ව ගොස්‌ තිබේ.

ඊයේ (14 වැනිදා) සිංහලෙන් සකස්‌ කළ ලිපියක්‌ ලබාදී ඇති අතර එහි ඇති කොන්දේසිවලට එකඟ විය නොහැකි බව පවසමින් එම දෙමාපියෝ තවදුරටත් සත්‍යග්‍රහයේ නිරතව සිටිති.

මෙය විශ්වවිද්‍යාල අභ්‍යන්තර ගැටලුවක්‌ බැවින් ඊට මැදිහත්වීමට පොලිසියට නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌  පැවසීය.

කෙසේ වෙතත් දෙමාපියන් අද (15 වැනිදා) දවස තුළත් පරිපාලන ගොඩනැඟිල්ල තුළ රැඳී සිටිමින් විශ්වවිද්‍යාල කටයුතුවලට බාධා ඇතිවන අයුරින් ක්‍රියාකළ හොත් උපකුලපතිවරයාගේ උපදෙස්‌ මත අධිකරණ නියෝගයක්‌ ලබාගෙන පිස්‌කල් නිලධාරීන් මගින් එම දෙමාපියන් පරිපාලන ගොඩනැඟිල්ල තුළින් ඉවත් කිරීමට සිදුවන බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina

 

Related posts

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin

විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිලධාරීන් කණ්ඩායමක්

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin