Colombo Today Local News

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ නිසා අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය.

ඔවුන් මෙම නැකැත් ඉදිරිපත් කළේ ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමිනි.

2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළේය.

ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් රටට අද ඉදිරිපත් කළේය.

එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න මහතා පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවය.

පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති බවද ඒ මහතා පැවසීය.

සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බව ද ජනක මාධව මහතා සඳහන් කළේය.

පූණ්‍ය කාලය තුළ නිර්මාංශ, පහසුවෙන් දිරවන, කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ කිසිදු වරදක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දුනි.

සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාදනය රිසි නියම අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවද ජනක මාධව මහතා පැවසීය.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකරනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකරනු මැනවි.

විකල්ප නැකැත් පිළිබඳ සම්පූර්ණ වීඩියෝව ඉහතින් දැක්වේ.

Related posts

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුන

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin

(Video) පත්තිනි දේවියට ඇද යහපාලනය ගෙනා මධූෂා ජන සටනේ !

colombotoday

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday