Colombo Today Local News

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.

මෙලෙස සොයාගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

ඇය පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී ඇත.

අනියම් පුරුෂයා සමග ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී තිබේ.

සැකකරු පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !

colombotoday

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday