Colombo Today Local News

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් පවතින බවට සැකයක් මතුවන්නේ යැයි සේරුවිල සංඝ සභාවේ සභාපති සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් පැවසිය.

එල්.ටි.ටි.ඊ සංවිධායන ඇති කිරිමේ කිරිමේ අවශ්‍යතාවය රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන අතරේ රාජ්‍ය හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරිම තුළින් එයට පසුබිම සකස් කර දෙන බවට සැකයක් පවතින බව පෙනී යන්නේ යැයි සංඝ නායක හිමියෝ පැවසුහ.

නිවේදනයෙන් තවදුරටත් අදහස් දැක්වු ඒ හිමියෝ උතුරු නැගෙනහිර පළාත් දැනට ඇති විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි. මේවා ඉවත් කිරිම තුළින් විහාරස්ථානවල හිමිවරුන්ට දානය නැතිවීම පමණක් නොවෙයි ප්‍රදේශයේ ආරක්ෂාවත් අනතුරට වැටෙනවා.

ඒ නිසා මේ හමුදා කඳවුරු 30 වැනි දාට ඉවත් කිරිමේ සැලසුම හකුලා ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒවගේම විජයකලා රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනවා. මේ ප්‍රකාශය සැලසුම් සහගතව කළ ප්‍රකාශයක් නිසා මේ ඇමැතිනියට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු යැයි කීය.

Related posts

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday