World

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

සෞදි ආරාබියේ කාන්තාවන් ‘අබාය‘ ඇඳුමෙන් මුදවා ගැනීමේ සංස්කෘතික කැරැල්ලක් ආරම්භ වී තිබේ.

ඊට නායකත්වය දෙනු ලබන්නේ මෂෙල් අල් ජලවුඩ් නැමති සවුදි කාන්තාව විසිනි.

පසුගිය දිනයක සවුදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් යම් නිදහසක් ලබා දෙන බවට රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඉඟියක් පළකළේය.

කෙසේ වුවත් ඒ සඳහා නියෝගයක් නිකුත් නොවුණ බැවින් කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ සීමා වෙනස් නොවී පැවතුණි.

මේ අතර ඇතැම් කාන්තාවෝ ඔවුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පවතින දැඩි සීමාවලට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළහ.”මගේ පාදයට යටින් ඇති නිකාබය” නමැති හෑෂ් ටැගය ඊට භාවිත කරමින් මෙම විරෝධය සමාජ මාධ්‍ය තුළින් ගෙන යනු ලැබීය.

මෙම ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින මෂෙල් අල් ජලවුඩ් පසුගිය සතියේ දිනක නිදහස් ඇඳුමකින් සැරසී පොදු ස්ථානයක ඇවිද ගියාය.

සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටි වෙනත් කාන්තාවන් “ඔබ ප්‍රසිද්ධ අයෙක්ද?” “ඔබ නිරූපිකාවක්ද?”යනුවෙන් මෂෙල්ගෙන් විමසා ඇත.

එහෙත් ඒවාට පිළිතුරු දෙමින් තමා සාමාන්‍ය සවුදි කාන්තාවක් බව මෂෙල් පවසා තිබේ.ඇය තවදුරටත් පවසන්නේ ඇයට සජීවීව ජීවත් වීමට අවශ්‍ය බවයි.

ඇගේ මෙම ප්‍රතිපත්තිය සවුදියේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියටත් පවතිනු ඇත.

Related posts

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday

ඉස්ලාමය යනු භීෂණයේ ආගමක් යැයි සඳහන් කරමින් කුවේට් ගායිකා ඉබ්ටිසම් හමීඩ් යුදෙව් ආගම වැලඳ ගනියි.

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජය ගැනීමට චීන ජනපතිගේ සහාය පතයි

colombotoday

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday