Colombo Today Local News

විමල්ගේ බිරිද ශෂී වීරවංශ අනතුරකට ලක්වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ගමන්ගත් ජීප් රථයක් ඊයේ (15දා) සවස 6.00ට පමණ නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

වීරවංශ මහත්මිය සිය ඥාතියෙකු වන වෙන්නප්පුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතා ඇතුළු ඥාති පිරිසක් සමග හලාවත මුණ්නේශ්වරම් දේවාලය වැඳ පුදාගෙන යළි පැමිණෙමින් තිබියදී ඔවුන් ගමන්ගත් ජීප් රථය අතුරු මාර්ගයකින් ප‍්‍රධාන මාර්ගයට පිවිසි වාහනයක ගැටී තිබේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වාහනවලට සිදු වූ හානිය පිළිබඳ දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

Related posts

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

Admin