Colombo Today Local News

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට.. කැබිනට් අනුමැතිය හිමිවේ

මාලබේ සයිටම් ආයතනයේ සිසුන් 982 දෙනකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ගහණය කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

අද 15 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළු කර ගැනීමට අනුමැතිය ලැබුණු බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

මේ සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයපනත සංශෝධනය කරන බවද කීවේය. සයිටම් ආයතනය සඳහා වෛද්‍ය උපාධිය හැදැරීමට අලුතින් සිසුන් ඇතුළත් කර ගැනීමට ඉඩ නොලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේ

colombotoday

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday

ළමා රෝහලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල නවතී

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

විදුහල්පතිනිය පොලිසියට ගෙන්වා ලෙඩක් දමයි.. බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

colombotoday