Colombo Today Local News

හිටි හැටියේ පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. ඇමති අලි සබ්‍රිගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න. | රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නැන්දනියක් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල හුවමාරු වන කරුණු පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රජය නිකුත් කල යුතුව ඇති බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයාගේ ඥාතියා භූමිදානය කිරීම සඳහා වාර්තාවක් අසත්‍ය ලෙස ලබා දුන් බවට කාරණාවක් ඉදිරිපත්වී තිබෙන බවත් මේවා මහජනතාව තුල ප්‍රශ්න හැටියට ඉතුරු නොකරන ලෙසත් තමන් සඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ලෙස තමන්ටත් මේ වාර්තා සොයා ගත නොහැකි වී තිබෙන බවත් අද(23) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

අන්තර්ජාලය තුල හුවමාරුවන වාර්තාවලට අනුව අමාත්‍යවරයාගේ නැන්දනියක් මියගොස් ඇති අතර සිදුකල PCR පරීක්ෂණයකදී වාර්තාව පොසිටිව් වී ඇත. කෙසේ වෙතත් යලිත් PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් එය සැක සහිත ලෙස නෙගෙටිව් වී ඇති බවත් පසුව දේහය භූමිදානය කල බවත් එම වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකාව තුල දැනට වාරණය කර ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට අයත් Facebook පිටුවේ මේ පිළිබඳව දීර්ග විස්තරයක් සදනහන් කර ඇත.

Related posts

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday