Colombo Today Local News

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යොමුකළ මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි

මාධ්‍ය නිවේදනය.

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසීයකට වෙළදපොලේ අලෙවි කරද්දී සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසිය විස්සකට අලෙවි කිරීම සදහා වූ ගැසට් පත්‍රයක් ඊයේ දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරන ලදී.

මෙම රජයේ සහල් සදහා වූ 11 වන ගැසට්පත්‍රය වන එම ගැසට්පත්‍රය මගින් සහල් සදහා නියම කර ඇත්තේ වෙළදපලේ පවතින මිලට වඩා වැඩි මිල ගණනකි.

තවද එම ගැසට් පත්‍රය මගින් පාලන මිලක් නියම කරන්නේ දේශීය සහල් සදහා පමණක් වන අතර මේවන විට වෙළදපොල තුළ ආනයනික සහල් විශාල වශයෙන් අලෙවි වේ. දේශීය සහල් සහ ආනයනික සහල් හදුනා ගැනීම ඉතාම දුෂ්කර වන අතර එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට දෙයියන්ගේ පිහිට පැතීමට සිදුවන බව අපගේ විශ්වාසයි.තවද පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගනු ලබන කැකුලු සහල් සදහා පාලන මිලක් පනවා නැත.

සහල් මොල් හිමියන් සැනසීම සදහා ගැසට්පත්‍ර නිකුත් කිරීම නවතා දමා මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා ගැසට්පත්‍ර නිකුත් කරන ලෙස හා වෙළදපොලේ සහල් අලෙවි වන්නේ කුමන මිලකටද යන්න ගැසට්පත්‍ර නිකුත් කිරීමට පෙර සොයා බලන ලෙස අප පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

9 හැවිරිදි දියණියක් අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කරයි – 6ක් කූඩුවට

Admin