Colombo Today Local News

වෙළදසැල් හිමියන් පාරිභෝගිකයින් ගසාකාලා. | කයිවාරු නවතා නීතිය ක්‍රියාත්මක කරන්න. | පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලයි.

සංචාරණ සීමා ලිහිල් කල පසුගිය 25 වන දින පාරිභෝගිකයින් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළදසැල් වෙත ගිය අතර එහිදී වෙළදසැල් හිමියන් විසින් පාරිභෝගිකයින් ගසාකෑ අන්දම තම සංවිධානයට වාර්තා වූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

පාරිභෝගිකයාගේ ආදායම අඩුවී ඇති මෙම අවස්ථාවේ අතේ ඇති මුදලට වැඩියෙන් භාණ්ඩ මිලදී ගැනීම පාරිභෝගිකයාගේ අරමුණ වුවද එම අවස්ථාවේ පවතින නීති රීති උල්ලංඝණය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළදසැල් හිමියන් විසින් භාණ්ඩ අලෙවිකල ද පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් වාර්තා නොවුණු බව පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීයේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා වෙත ලිපියක් යවමින් විතානගේ මහතා පෙන්වා දෙයි.

එම ලිපිය මගින් රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ,

“වෙළදසැල් ඉදිරිපිට දිගුවේලාවක් පෝලිමේ රැදී සිටින පාරිභෝගිකයින් වෙළදසැල වෙත ගිය පසු කුමන මිලකට හෝ භාණ්ඩ මිලදී ගැනීම සිදුකරන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි. එම අවස්ථාවේ වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයා ගසාකයි නම් එහි වගකීම ඔබ ඇතුලු පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් දැරිය යුතුය. විශේෂයෙන්ම ඔබ අධිකාරියේ නිළධාරීන්ගෙන් පාරිභෝගිකයින් ලෙස අප බලාපොරොත්තු වන්නේ මාධ්‍යයට කයිවාරු ගැසීමට වඩා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ංඝණය කරමින් පාරිභෝගිකයා ගසා කන වෙළදසැල් හිමියන්ට විරුද්ධව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් එදින සමහර භාණ්ඩවල පාලන මිල ඉක්මවා වෙළදසැල් හිමයන් විසින් පාරිභෝගිකයින් වෙත භාණ්ඩ අලෙවි කල අතර බොහෝ වෙළදසැල් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශණය කර නොතිබුණි.”

“ඔබ හා ඔබ ආයතනයේ නිළධාරීන් නඩත්තු වන්නේ මහජනතාවගේ මුදලින් බව අප අවධාරණය කරන අතර සංචරණ සීමා ඉවත් කරනු ලබන ඉදිරි දිනවල වෙළද සැල් හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ නොතබන ලෙසත් පාරිභෝගිකයා භාණඩ මිලදී ගෙන රැගෙන යන්නේ විල් බැරෝවෙන්ද වාහනයේද යන්නට වඩා අපට වැදගත් වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවද ඔබතුමාට කරුණාවෙන් දැනුම්දෙමි.”

Related posts

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

ඉන්දියාවේ සිටි ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන එයි

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin