ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව හිස්වන ජනාධිපතිධුරය සඳහා ව්‍යවස්ථාවට අනුව පත්වන්නේ අග්රාමාත්යවාරයයි.
ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් මේ වනවිට අග්‍රාමාත්‍යවරයා සමග ඒ සඳහා සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා.
ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගැනීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඩලස් අලහපෙරුම මහතා පත්වීමේ සම්භාවිතාවය වැඩි බව ආරංචි මාර්ග පවසයි.