කිසිදු මුස්ලිම් පල්ලියක් තුල කුර්බානි සත්ව ඝාතනය සිදු කිරීම සඳහා අවසර නොදීමට ශ්රී ලංකා වක්ෆ් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, කිසිදු මුස්ලිම් පල්ලියක් තුළ කුර්බානි සත්ව ඝාතනය සිදු කිරීමට අවසර නොදෙන ලෙස සියලුම මුස්ලිම් පල්ලි භාරකරුවන්ට නියම කර ඇත.
වක්ෆ්ස් සභාව වෙනුවෙන් එහි අධ්යක්ෂක A.B.M. අෂ්රෆ් මහතා විසින් මෙම නියෝගය සියලුම පල්ලි වෙත දන්වා යවා ඇත.