Colombo Today Sports News

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පොලිස් නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.

ඒ අනුව ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් බඳවා ගැනීමේ සුදානමක් ඇති බවට ද වැඩිදුරටත් වාර්තා වේ.

2009 වසරේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යොමු වන කුසල් එතැන් පටන් මේ දක්වා අදාළ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය.

කුසල් සමගින් චාමර සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පොලිස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසියට එක්වීමේ සූදානමක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Aruna

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීමට විශේෂ ඇඳක්

colombotoday