Colombo Today Local News

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

සඹරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (03) දහවල් රාජගිරිය මංසදියේ සිට පාර්ලිම්න්තුව දෙසට පා ගමනක් ආරම්භ කලා.

ඒ අනූව මෙම සිසුන් එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකරන සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව මෙලෙස විරෝධතාව පවත්වන ලදී.

ඒ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගත් අතර අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්ද හටගත්තේය.

සිසුන් පාර්ලිමේන්තු වටරවුම හරහා පාර්ලිමේන්තු මාර්ගයට ප්‍රවිශ්ටවීමත් සමග පොලීසිය මාර්ගය වසා දමන ලදී. එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමෙන් පසු ශිෂ්‍යයින් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට පැමිණීමට උත්සාහ කල අවස්ථාවේදී පොලීසිය හා කැරලි මර්ධන කණ්ඩායම් විසින් අධිපීඩන ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

අනතුරුව එම අවස්ථාවේදී සිසුන් හට පොලිස් නිලධාරීන් පා පහරවල්ද එල්ල කරන අයුරු දක්නට ලැබිණි.

විරෝධතාවය අතරතුර පොලිස් අත්අඩංගුවට ගත් සිසුන් දසදෙනෙකු පමණ විරෝධතාවය අවසානයේ නැවත මුදහැරිමට පොලිසිය කටයුතු කර තිබුණි.

ගැටළු වලට විසදුම් ඉල්ලූ සරසවි සිසුන් අවසානයේදී ජල ප්‍රහාර හා කදුළු ගෑස් ඇතුළු ගුටිබැට මැද විසිර යෑමට සිදුවිය.

Related posts

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

අඥාණ ප්‍රේක්ෂකයන් කොතනක වුවත් සිටිය හැකියි – පල්ලේකැලේ සිදුවීම ගැන විස්තර විචාරකයන් කියන දේ

colombotoday

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

colombotoday