Colombo Today Local News

පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මිය යයි. | එස්අ.යි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම්

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් පුද්ගලයෙකි

නිරෝධායන නිති සහ සංචරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඇතැයි උප පොලිස් පරීක්ෂක වරයා සහ සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

මීට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පවත්වා එම කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත්තා. දිනන්න පුලුවන්නම් ඉන්නවා. බැරිනම් යනවා. රනිල් කියයි

colombotoday

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday

ජල සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක – කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් නැහැ.

Admin

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

ජනාධිපතිතුමා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර කියයි

colombotoday