Colombo Today Local News

රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට හවුල් මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත , වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසු අසල කැලෑවක සඟවා තිබූ ජීව බෝම්බය, ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය කීය.

“පොඩි පැටි” නැමැති 29 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු ගිනි අවිය සහ ජීව බෝම්බය කිසියම් පුද්ගලයකුට ලබාදීමට යමින් සිට ඇති බව ද පොලිසිය පවසයි .

Related posts

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday