Colombo Today Local News

PCR ප්‍රතිඵල ප්‍රමාද වීම නිවැරදි තීන්දු ගැනීමට බාධාවක්

සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවලින් අපිට කතා කරලා කියනවා PCR පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක 5ක ප්‍රමාදයක් තියෙනවා කියලා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕනේ. පැය 48ක් ඇතුළත ලැබෙන PCR ප්‍රතිඵල ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා. පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා,” යනුවෙනි

Related posts

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

colombotoday

සපුගස්කන්දේ වැඩ 16 වනදා සිට යළි අරඹයි

Admin

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday