Colombo Today Local News

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත්  වෙළුම් 22  ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්  නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද බාරදෙනු ලැබීය.

මේ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙළුම් නීතිපතිවරයාට මේ වනවිට බාදී අවසන් යැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

කොමිෂන් සභා වාර්තාවේ කොටස් රැසක් නීතිපතිවරයාට  මෙයට පෙර බාරදී තිබුණත් ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී කරුණු අඩංගු වෙළුම් 22 පමණක් බාරදී තිබුණේ නැත.

එම පිටපත් 22 ද නීතිපතිවරයාට දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Related posts

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday