Colombo Today Local News

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.. නව කැබිනට් මණ්ඩලයක් සහිත නව සැසිවාරය මැයි 8

ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.

ඒ අනුව මැයි 08 වැනි දා දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.

අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් දෙවැනිදාය. ඒ 2015 අගෝස්තු 26 වැනිදාතම 1929/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව පාරල්මේන්තුවේ වාරාවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයක දී යළි ඊළඟ වාරය පටන් ගැනීමේ දිනයක් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත.

Related posts

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මිය යයි

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…!

colombotoday

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday