Colombo Today Local News

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පසුගියදා ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ පැවැති ආපදා පෙර සූදානම් පෙරහුරුවට වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා කඩාපැන සිදු කළ කලබැගෑනියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරයි.

නියෝජ්‍ය ඇමැතිවරයාගේ මේ හැසිරීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහුට එරෙහිව රාජකාරිමය බාධා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එම සංගමය අවධාරණය කරයි.

මේ සිද්ධිය තුළින්ද යළි යළිත් සනාථ වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් විය යුතු අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජාවට පත් විය යුතු යැයි පෙන්වා දෙන එම සංගමය මන්ත්‍රිවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇති කර වැඩමුළුවක් මඟින් පුහුණුවක් ලබා දෙන ලෙස තම සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු සියලුම මැති ඇමැතිවරුන්ට ආපදා කළමනාකරණයට අදාළ මූලික දැනුමක් ලබාදීමද ඉතා වැදගත් වනු ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කළේය.

ආපදා කළමනාකරණ ඇමැතිවරයා විසින් කළ යුත්තේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර නියෝජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ පාර්ශ්වවලට නිර්දේශ කිරීම වුවත් සිදුව ඇත්තේ දුමින්ද දිසානායක ආපදා කළමනාකරණ ඇමැතිවරයා විසින් තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් සමාව ඉල්ලීම යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ආපදා කළමනාකරණ ඇමැතිවරයාගේ ආපදා කළමනාකරණ විෂයට අදාළ දැනුමද මේ හරහා ප්‍රශ්න කිරීමට ලක් වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

Related posts

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday