Colombo Today Local News

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසන්නේ ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇත.

තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ අතර සිල්ලර මිල රුපියල් 700ක් විය.

ඉදිරි දින දෙකක් හෝ උපරිම දින තුනක් සඳහා පමණක් ආනයනික ලොකු ලූනු තොග තිබෙන බවත් ඊට හේතුව පාකිස්තානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම බවත් කොළඹ ලොකු ළූණු ආනයනකරුවෝ ඊයේ (මාර්තු 10) වාර්ථා කලේය.

ඉන්දියාව සිය අපනයන සීමා පනවා මාස කිහිපයක් ගතවී ඇති අතර ඊට විකල්පයක් ලෙස පකිස්ථානයෙන් ළූණු ආනයනය සිදු කළ බවත් මේ වන විට එරට ළූණු තොග ද අවසන්වීමෙන් අපනයන සීමා තර කර ඇතැයි ඔවුහු පවසති.

තොග වෙළෙන්‍දෝ පැවසූවේ මසකට මෙට්‍රික් ටොන් 50,000ක් වශයෙන් සීමිත වශයෙන් බංග්ලාදේශයට සහ ඩුබායි සඳහා ඉන්දියාව අපනයන කරන බවත් එය රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් මත සිදුවන්නක් බවත්ය.

ශ්‍රී ලංකා රජයට ද එසේ මැදිහත්වී ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ හැකි බවත් තමන් ඒ සඳහා රජයෙන් කිහිපවිටක් ම ලිපි මගින් ඉල්ලා සිටිය බවත් කොළඹ ලොකු ළූණු ආනයන වෙළෙන්‍දෝ වැඩිදුරටත් පැවසූහ.

Related posts

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

ගල්නෑව නෑගම සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට වහබ්වාදීන්ගෙන් දිගින් දිගටම කරදර

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday