BusinessColombo Today Local News

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල යා හැකි බවත්, නුවරඑලියේ වගා කරන ඇතැම් එලවළු වර්ග වෙලදපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව නුවරඑලිය එලවළු ගොවින් කියා සිටියි.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්,ගෝවා,ලික්ස්,අර්තාපල්, සලාද ඇතුළු එලවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික එලවළු වගාවට එක් නොකිරිම තුල එලවළු වගාවේ අස්වැන්න ඉතිහාසයේ කවරදාකවත් නොවු ආකාරයෙන් අඩු වි ඇති බවත්, රෝපණය කල ඇතැම් එලවළු වර්ග විනාශ වි ඇති බවයි නුවරඑලිය ගොවින් කියා සිටින්නේ.

තම එලවළු වගා ගොවිපොලවල් වල දිනකට කම්කරුවන් විශාල පිරිසක් සේවය කල බවත්, මේ වන විට ඔහුන්ගේ රැකියාද අහිමි වි තමන්ටද එලවළු වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විමට සිදු වි ඇති බවද එම එලවළු වගා ගොවින් කියා සිටියි.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින් කිහිප දෙනෙකු මේ වන විට එලවළු වගාවෙන් ඉවත් වි ඇති බවද ඔහුන් කියා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

රාජපක්ෂ බල බිදින්න චන්ද්‍රිකා නැවත සටනට.. ආණ්ඩු විරෝධී ‘බලවේගය’ ශ්‍රීලනිපයෙන් නෙරපන්න තීන්දුයි !

colombotoday