(කොළඹ, නාලන්දා විද්‍යාලයේ 96 වැනි සංවත්සරය වෙනුවෙනි)
පාණදුරාවාදයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඕල්කට් සෙන්පතියන් 1880 මැයි 17 වැනි දින ලංකාවට පැමිණෙන විටත්, දැහිතකාමි භික්ෂුන් වහන්සේලා විසින්පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි පාලකයන්ගේ විවිධ වද හිංසා සහ පහත් කොට සැලකීමෙන් ආදියෙන් දූර්වලව සිටි සිංහල බෞද්ධයන් නගා සිටුවීමට අරමුණු කොට, ගිහි බෞද්ධයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් කිහිපයක් ආරම්භ කර තිබිණ. එහෙත් ගිහියන් සඳහා වූ එම බෞද්ධ පාසල් මිෂනාරි පාසල් මෙන් ප්‍රමාණවත් නොවුවා මෙන්ම ගුණාත්මක ද නොවීය. එහෙත් ඒ් වන විටබෞද්ධයන්ට එරෙහිවූ ක්‍රිස්තියානි පල්ලිවලින් මෙහෙයවන ලද මිෂනාරි පාසල්වලින් සිදුවන අහිතකර බලපෑම්වලට විකල්ප වශයෙන් නව විධිමත් බෞද්ධ පාසල් පද්ධතියක අවශ්‍යතාවය මේ වන විටබෞද්ධ ක්‍රියාකාරීන් මනාව වටහාගෙන තිබිණ.
ඒ අනුව අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්, හෙන්රි ස්ටීල් ඕල්කොට් සෙන්පතියන්ගේ මග පෙන්වීමෙන්, අනගාරික ධර්මපාලතුමා ඇතුළු බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන්1880 ජුනි 17 වැනි දින ”පරම විඥානාර්ථ බෞද්ධ සංගමය” පිහිටුවනු ලැබ, ධනවතුන්ගෙන් මෙන්ම දිළිදුන්ගේ ද ආධාරයෙන් 1886 නොවැම්බර් මස 1 වැනි දින කොළඹ පිටකොටුවේ මැලිබන් විදීයේ අංක 61 දරණ ස්ථානයේ ”බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව” නමින් පාසලක් ආරම්භ කරනු ලැබීය. එහි පළමු විදුහල්පති ලෙස විදේශිකයෙකු වූ සී.ඩබ්. ලෙඩ්බීටර් මහතා පත් වූ අතර එම පාසැල 1889 දී රජයේ ලියාපදිංචි කර ඇත. වරින්වර ඉංග්‍රීසි රජයෙන් වූ හිරිහැර මෙන්ම ඉඩකඩ පහසුකම් සීමා වීම හේතුවෙන් පසු කලක මෙම පාසල මරදානේ පරණවාඩිය ප්‍රදේශයට ගෙන ආ අතර එය 1895 දී ”ආනන්ද විද්‍යාලය” නමින් නම් කරනු ලැබ ඇත.
කෙටි කලකින් ආනන්දයේ දියුණුවත් සමග ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගිය බැවින් 1920 පමණ කාලයේ දී කැම්බල් පෙදෙසින් ඉඩමක් මිල දී ගැනීමට ඒවකට විදුහල්පතිවරයා වූ පී. ද එස්. කුලරත්න මහතා කටයුතු කරනු ලැබීය. එම භූමීයේ නව ගොඩනැගිලි ඉදිකර 1923 දී ආනන්දයේ ද්වීතීය අංශය ඒහි ස්ථාපිත කරනු ලැබුව ද, දුරදක්නා නුවණින් යුත් කුලරත්නයන් එය ආනන්දයේ අංශයක්ව පවතිනවාට වඩා වෙනම උසස් පාසලක දැඩි ඇවසි බව වටහාගෙන ආනන්දයේ සිටි දක්ෂ සිසුන් 330ක් 1924 ජනවාරියේ දී කැම්බල් පෙදෙස නව පාසලට යොමු කරනු ලැබුවේ ආනන්දයේ ධර්මාචාර්යව වැඩ විසු පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානාහිමියන්ගේ අනුමැතියෙන් ”නාලන්දා” යන නාමයත් “අපදාන සොභිනී පඤ්ඤා” ආදර්ශ පාඨයත් සමගය. උන්වහන්සේ නාලන්දාවේ ප්‍රථම ධර්මාචාර්යවරයා විය.
පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මගින් ආරම්භ කළ මුල්ම පාසල් මිෂානාරි පාසල් මෙන්’කොලීජි’ නමින් හඳූන්වා, විදේශීය උගතුන් විදුහල්පතිවරු වශයෙන් පත්කරනු ලැබුව දනාලන්දාව ආරම්භයේ සිටම “නාලන්දා විද්‍යාලය” නමින් හැදින්වීම මෙන්ම, දේශීය උගතුන් විදුහල්පතිවරු වශයෙන් පත් කිරීම ද සුවිශේෂි සිදුවීම් වෙයි.
ඒ් අනුව ආනන්දයේ සිටි අති දක්ෂ තරුණ ගුරුවරයෙකු වූ එල්.එච්. මෙත්තානන්දයන් නාලන්දාවේ ආරම්භක විදුහල්පතිවරයා විය. කාර්යශූර එතුමන් එවකට පාසලක් ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය වන සියලු කොන්දේසි සහ අවශ්‍යතා ඉතා කෙටි කලකින් සපුරාලීමෙන්, ආනන්දයේ 39 වැනි සංවත්සරික දිනයේ දී එනම් 1925 නොවැම්බර් 01 වැනි දින නාලන්දාව ලියාපදිංචියෙන් පසු නැවතත් ආනන්ද විද්‍යාලයට කැඳවනු ලැබ ඇත.
ඒ් වන විට ආනන්දයේ ගුරුවරයෙකුව සිට තම උසස් අධ්‍යාපන සදහා විදේශගතව සිටි ගුණපාල මලලසේකර මහතා නැවත ලංකාවට පැමිණිමෙන් පසු ඔහු නාලන්දාවේ නව විදුහල්පතිවරයා බවට පත් කර ගැනීමට නාලන්දාව භාග්‍යවන්ත විය. ඔහු ද අති දක්ෂයෙක් වූ බැවින් විවිධ ව්‍යාපෘති මගින් අරමුදල් රැස්කර කැම්බල් පෙදෙස මිල දී ගැනීමේ දී අනාගාරික ධර්මපාලතුමාගෙන් ලබා ගත් ණය මුදල් ආදිය ගෙවා ළදරු නාලන්දාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කර ඇත.
පී.ද එස්. කුලරත්න, එල්.එච්. මෙත්තානන්ද සහ මහාචාර්ය ගුණපාල මලලසේකර යන ත්‍රිත්වය ජාතික හැඟුම්වලින් ඔද වැඩි ගිය අපුරු සුසංයෝගයකි. ඔවුන් තිදෙනා අපේ ජාතික ඇඳුම ජනතාව අතර ජනප්‍රිය කරලීම සදහා පුරෝගාමීන් වූ අතර ඒ අනුව යුරෝපීය ඇඳුම අතහැර දේශීය ඇඳුමින් සැරසී රටට මනා ආදර්ශයක් ලබා දුන්හ.
නිදහස් ලංකාවේ සුවිශේෂීම සිද්ධිය නම් 1956 යේ යුග පෙරළියයි. ඒහි පෙරගමන්කරුවන් වන්නේ ද අපේ ආදී කර්තෘවරුන් වන මෙම සුසංයෝගයමය. 1948 ලද නිදහස සාමාන්‍ය පොදු මිනිසාට නොවන බවත්, ඒ නිදහස තුළ අප රටට, ආගමට, ජාතියට, සංස්කෘතියට කිසිදු තැනක් නැත යන්න අවබෝධ කරගත් මෙතුමන්ලාගේ මග පෙන්විමෙන් හා සහභාගීත්වයෙන් 1954 දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත් කරන ලද බෞද්ධ පරික්ෂණ සභාවේ වාර්තාව 1956 යුග පෙරළියට මග දැක්විය. අධිරාජ්‍යවාදීන් මෙන්ම අපේම කළු සුද්දන් ද පසෙක දමා තිබු සිංහල භාෂාව නැවත රාජ්‍ය භාෂාව කරවීම මෙන්ම, අපේ සංස්කෘතිය රැක ගැනීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම, නිදහසින් පසුව ද ඉංග්‍රීසි පාලනය යටතේ වූ වරාය, ගුවන්තොටුපල වැනි ජාතික වශයෙන් වැදගත් වූ මර්මස්ථාන ලක් රජය වෙත අත්පත් කර ගැනීම වැනි සුවිශේෂි සිද්ධින් රැසකට මග පැදීය.
එම වාර්තාවේ සඳහන් වූ තවත් ඉතා වැදගත් කරුණක් වුයේ අපේ සංස්කෘතියට පිළිලයක් වූ මිෂනාරි අධ්‍යාපනයෙන් සිංහල බෞද්ධයන් සිදුවන අසාධාරණය පිළිබද තොරතුරුය. මේ වන විට බෞද්ධ පාසලක අධ්‍යාපනය ලත් අයෙකුට රජයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් ලබා ගැනීම සිහිනයක්ම විය. බෞද්ධ පරික්ෂණ සභා වාර්තාවේ මිෂනාරි පාසල් මගින් සිංහල බෞද්ධයාට වන අසාධාරණයපිළිබඳ සාක්ෂ්‍ය සංඛ්‍යාලේඛණ සහිතව මනාව පෙන්වා දී තිබිණ.
කරුණු මෙසේ තිබිය දී 1956 බෞද්ධ පරික්ෂණ සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිවයා 1959 දී සහාසිකයෙකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක්විය. රටම කලබල විය. නව අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට ආරාධනා ලැබුවේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් ය. ඒහෙත් ඔහු තමන් දේශපාලඥයෙකු නොවන බව දක්වමින් ඒම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
පසුකාලීනව 1961 දී මිෂනාරි පාසල් ඇතුළු පෞද්ගලික සියලු පාසල් බහුතරයක් රජයට පවරා ගැනීම සිදු විය. එදා එසේ නොවන්නට අද අප නාලන්දාවේ 96 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ දී නාලන්දීයන් තිදෙනෙකු ගුවන් හමුදාපතිවරු වශයෙන් අඛණ්ඩව පත්ව සිටිය ද 56 පෙරළිය නොවන්නටඅවම වශයෙන් ඉහළතනතුරක්වත් ලබා ගැනීම ද සිහිනයක් වීමට ඉඩ තිබිණ. මෙම කරුණ ගුවන් හමුදාවට නොව රටේ සෑම වෘත්තිය කේෂ්ත්‍රයකටම පොදු කරුණක් බව සැලකුව මනාය.
1962 දී විශේෂ වරප්‍රසාද ලත් සාන්ත හා ශුද්ධ ගණයේ පාසල් පවරා ගැනීමෙන් කෝපයට පත් ක්‍රිස්තියානි පල්ලිය හමුදා කුමන්ත්‍රණයක් මගින් රජය පෙරළා දැමීමට ”කතෝලික කුමන්ත්‍රණය” නම් ප්‍රයත්නයක් දැරු අතර එය ව්‍යවර්ථ කිරීම සඳහා මුලික කාර්යභාරය කරනු ලැබුවේ පී. ද ඒස්. කුලරත්නයන්ය.
ඇත්තෙන්ම 56පෙරළියේ මූල බීජය රෝපණය කර එය ජනතාවට ගෙනයාම සඳහා රටපුරා සැරිසරමින්, ලිපි ලේඛන මගින් ජනතාව දැනුවත් කර ජාතික ප්‍රබෝධයක් ගොඩ නැගීමේ මහත් වූ වගකීම ඉටු කරනු ලැබුවේ එල්.එච්. මෙත්තානන්දයන් බව බොහෝ දෙනෙකු නොදනිති. කිසි විටෙකත් ඔහු කිසිදු ලාභ ප්‍රයෝජනයක්, කීර්තියක්, ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකළ අයෙකූ වූ බැවින් ඔහු කළ සේවය පිළිඳව සාමාන්‍ය ජනතාවේ දැනුම අල්පය. විශේෂයෙන්ම ජාතියක් ලෙස දියුණු වීමට අධ්‍යාපනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ඔහු රචිත ලිපි ප්‍රමාණය අතිවිශාලය. අපේ ආදී කර්තෘවරුන්ගේ රටට වූ සේවය පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් නොව වෙළුම් ගණනකින් පවා කළ නොහැකි කාර්යයකි.
බෞද්ධ අධ්‍යාපනයේ යුග පුරුෂයන් වූඅපේ ආදී කාර්තෘවරුන් නාලන්දාව ඇතුළු බෞද්ධ පාසැල් විශාල සංඛ්‍යාවක් බිහි කිරිමේ පරම පවිත්‍ර අරමුණ නම් රට-දැය-සමය වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුගයේ කාර්යභාරය ඉටු කළ හැකි ජාතිවාත්සල්‍යයෙන් යුත් අභියෝග හමුවේ නොසැල්වෙන ජනතාවක් මගින් සිංහල බෞද්ධයා ශක්තිමත් කිරීමය.
සියවස සැමරුම අබියස සිටින සියලු නාලන්දීයන්ට ඉදිරි සියවස සදහා නාලන්දාව සුදානම් කිරීමේ වගකිම් ඇති බව මනාව සිහි තබා ගැනීම ඉතා වැදගත්ය. අද අප යමක් භුක්තිවිඳී නම් ඒ් අපේ ආදී කර්තෘවරුන් අපට ලබා දුන් ශක්තියයි. අපි එය අනාගත පරපුරට දායාද කරමු. අපි ඉදිරි සියවස නාලන්දීයන් සතු කර ගැනීමට පෙළ ගැසෙමු.
”නාලන්දාව සදා කල් අම්බරේහි දිලේවා”
- පානි වෑවල