Colombo Today Local News

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් මෙන්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින්ද ගොඩකිරීමේ තහනමක් පනවා තිබියදී ප‍්‍රකට ධන කුවේරයකුගේ සොහොයුරකු විසින් මුතුරාජවෙල අභය භූමිය විනාශ කිරීම යළි අරඹා ඇතැයි මුතුරාජවෙල සුරැකීමේ පරිසර සංවිධානය පවසයි.

ව්‍යාජ ඔප්පු සකස්‌ කර තමන් සතු බව පවසන මුතුරාජවෙල අභය භූමිය අක්‌කර හාරසියයක්‌ පමණ වන විශාල බිම් ප්‍රදේශයකට පිවිසුම් මාර්ග යෙදීම සඳහා මෙම ධනපති සොහොයුරා ගොඩකිරීම් සිදුකරන බවද පැවසේ.

පමුණුගම බෝපිටිය ප්‍රදේශයෙන් සිදුකෙරෙන මෙම ගොඩකිරීම් පිළිබඳව අවට ප්‍රදේශවාසීන් සහ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පමුණුගම පොලිසියට පැමිණිලි කළද කිසිදු පියවරක්‌ නොගෙන පොලිසිය මුනිවත රකින බවද ඔවුහු පවසති.

ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මෙම පරිසර විනාශය නතර කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ එක්‌ව ප්‍රදේශයට යෙදවුවද පමුණුගම පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා ඔවුහුද අසරණව සිටිති.

මේ සම්බන්ධව පමුණුගම පොලිසියෙන් විමසීමේදී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා නිවාඩු ගොස්‌ සිටින නිසා කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව එහි නිලධාරියෙක්‌ කීය.

මෙම පරිසර විනාශය සොයා බැලීම සඳහා වරක්‌ ගම්පහ ගොවිජන සේවා සහකාර අධ්‍යක්‍ෂවරිය එම ප්‍රදේශයට ගිය අතර ඇය අනවසරයෙන් තම භූමියට ඇතුළු වූ බවට ධනපති සොහොයුරා කළ පැමිණිල්ලකට පමුණුගම පොලිසිය වහා ක්‍රියාත්මක වී විමර්ශන සිදුකළ බව මුතුරාජවෙල සුරැකීමේ පරිසරවේදීහු පවසති.

ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පාලනයටද සාධකයක්‌ වන ජෛව විවිධත්වයකින් යුතු මුතුරාජවෙල අභය භූමිය මෙසේ ධනපතියකුගේ ග්‍රහණයට හසුව තිබියදී වගකිවයුතු රජයේ නිලධාරීන් කිසිදු පියවරක්‌ නොගෙන නිහඬව සිටින බව මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය කියා සිටී.

තමන්ට අයත් බව කියන අක්‌කර හාරසියයක්‌ පමණ වන භූමියේ නිවාස ව්‍යාපෘතියක්‌ ඇති කිරීම සඳහා එම ධනපති සොහොයුරා මෙසේ මුතුරාජවෙල ගොඩකරමින් පිවිසුම් මාර්ග සකසන බවද ඔවුහු පවසති.

Related posts

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday