Colombo Today Local News

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

අප්‍රේල් 21 වනදා බෝම්බ පිපිරවීමේ ඉලක්කය හා පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු මේ රට තුලු බිහි කිරීම බැවින් එයට කිසිවෙකු ගොදුරු නොවිය යුතු බවත් මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ සිදු නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ 08 දින මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ‘රට වෙනුවෙන් එකට සිටිමු‘ මුලතිව් දිස්ත්‍රීක් වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.

‘‘අද හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්දය ඉලක්ක කරගෙන ඒ නිසා රට බෙදිලා කිසිදු දේශපාලඥයෙකු ඡන්දය ඉල්ලක්ක කරගනිමින් ජාතිවාදය හා ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතුයි.

මේ වසර අවසානයේ පැවත්වෙන මැතිවරණය ඉලක්ක කරගෙන බොහෝ දේශපාලඥයින් විවධ ප්‍රකාශ සිදු කරනවා එය සිදු නොකළ යුතුයි. පසුගිය 21දා මේ රටේ ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හා බෝම්බ පිපිරවීම්, ජීවිත හානී වීම් ගැන ඔබ දන්නවා 300 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා රටට විශාල ආර්ථික අලාභයක් සිද්ධ වුණා.

සංචාරක ව්‍යාපාරය කඩා හැලුණා නමුත් ඒ සියල්ලටම වැඩා ඇති වෙලා තියන පාඩුව කුමක්ද මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ බෙදීම් වෙන්වීම් වැඩි වෙලා තියනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙමෙයි රට ජාතීන් සියල්ල කඩන්න බෙදන්න විනාශ කරන්න උන්ගේ ඉලක්කය සාර්ථක වෙලා තියනවා ඇයි ඒ දේශපාලඥයින් ඔක්කටම කලින් මේ රට වෙන් කරනවා, බෙදනවා, ජාතීන් විදිහට ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පුපුරවපු ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. උතුරේ ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙලා රටේ ලොකු විනාශයක් සිද්ධ වුණා.”

Related posts

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පවිත්‍රා ඉල්ලයි

colombotoday

ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ගේ නඩු කඩිනමින් විභාග කරන්න – අස්ගිරි මහනාහිමි ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin