Colombo Today Local News

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව හරහා බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කරමින් ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද (22) පැවසීය.

මුසම්මිල් මහතා මෙසේ පැවසුයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ ද පැවසීය.

ආණ්ඩුව තුළ අවුල් ජාලාවක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ යෝජනාව අරන් එන්නේ. එයින් ආණ්ඩුවේ අර්බුදය සමනය කරනවා. ඒ වගේම විපක්ෂය ශක්තිමත්ව සිටින වෙලාවක මෙවැනි සංවාදශීලි මාතෘකාවක් ගෙනත් දාලා විපක්ෂයේ එකමුතුව සමගිය බිඳ දැමීමත් එය දුර්වල කිරිමත් ජවිපෙ තවත් අරමුණක්. ඒ නිසා මේ යෝජනාව හරහා ජවිපෙ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරනවා.

දෙමළ බෙදුම්වාදයේ අරමුණු ඉටු කරගැනීම පහුගිය කාලය තුළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කරගත්තා. අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පත්කළා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටෙව්වා, බලහත්කාරයෙන් අතරුදන් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගත්තා.

එයින් ඔබ්බට ගොස් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරගනිමින් පුර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරගැනීමට බාධාකාරීවන ප‍්‍රධාන සාධක වන විධායක ජනාධිපති ධූරය අහෝසි කරගැනීම ඔවුන්ගේ මීළඟ අවශ්‍යතාවයයි. ජවිපෙ එක පැත්තකින් ඉටුකරන්න යන්නේ ඒ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. මේකට ඉඩදෙන්න බැහැ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන එනවා නම් ඒ සමඟම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන ආ යුතුයි.

Related posts

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි

colombotoday

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday