Colombo Today Local News

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේ බොර තෙල් රැගත් , ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයාට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

තමා සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා වලට ඔහු කොළඹ මහාධිකරණයේදී වරද පිළිගත් බවත් ඒ අනුව ඔහු රුපියල් මිලියන 12 දඩ මුදලක් ගෙවා ඇති බව කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද මෝෂමක් මගින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මීට පෙර නැවේ කපිතාන් හිරෝස් ඉල්යාස් යන අයට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා.

2008 වසරේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ කපිතාන්වරයාට එරෙහිව නඩු පවරන ලද අතර එම චෝදනා වලට ඔහු වරද පිළිගන්නා ලදී.

Related posts

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඩ්.. ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday