Colombo Today Local News

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

“කඩු තියෙන්නේ කැලේ කපන්නලු.. කිනිසි තිබෙන්නේ කාන්තාවන් ආරක්ෂා කරන්නලු..” වගකිවයුතු මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාත් තවත් මුස්ලිම් නායකයෝ කීපදෙනෙකුත් කරපු මේ ප්‍රකාශ හේතුවෙන් ත්‍රස්තවාදීන්ට අනුබලයක් ලබාදී ඇති අතරම මුස්ලිම් නායකයන් යනු රටට විහිළු සපයන පිරිසක් බවට පත්ව ඇති බව මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

“මේ ප්‍රකාශවලින් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාමත් බැරෑරුම් ආකාරයෙන් ත්‍රස්තවාදීන් ආරක්ෂා කරනවා. සමස්ථ මුස්ලිම් ප්‍රජාවම කඩු තියාගෙන නෑ. හැබැයි ඉතා සුළු පිරිසක් ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ අන්තවාදී ක්‍රියාවන් වෙනුවෙන් ප්‍රහාරයන් දියත් කරන්නට කඩු කිනිසි ඒකරාශී කරලා තිබෙනවා. එතකොට ඒවා සිදුකිරීම පිරිස සාධාරණීකරණය කිරීම තමයි මේ මුස්ලිම් නායකයෝ සිදුකළ ප්‍රකාශවලින් කරලා තියෙන්නේ. ඔවුන් කරන මේ ප්‍රකාශවලින් සමස්ථ මුස්ලීම් සමාජයම හෑල්ලුවට පත්වෙනවා. සමහර අන්තවාදී ක්‍රියාවලට, ත්‍රස්තවාදී ක්‍රියා කරන සඳහා සූදානමින් සිටින්නන්ව සාධාරණීකරණය කිරීමත් තමයි ඔබ විසින් කරලා තිබෙන්නේ. ඒ නිසා මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලනවා මේ වගේ ලඳ බොළඳ ප්‍රකාශ කරන්න එපා කියලා.”

“මේ මොහොතේ සැකයකින් තමයි මුස්ලිම් සමාජය දිහා බලන්නේ. ඒ සැකෙන් බලන මොහොතක ඒ සැකය නැති කිරීමේ වගකීම වැඩිපුරම තිබෙන්නේ මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් දේශපාලන නායකයින්ට. නමුත් මුස්ලිම් නායකයින් කරන්නේ විහිළු සපයන්න ප්‍රකාශ නිකුත් කරන එක. ඒ නිසා මීට වඩා වගකීමෙන් ත්‍රස්තවාදයට, අන්තවාදයට වැඩෙන ඉඩකඩ විවර නොකොට… ත්‍රස්තවාදය අන්තවාදය පරාජයට පත් කළ හැක්කේ සියලු දෙනා එක් රටක් හැටියට එකට එකතු වීමෙන්. “

Related posts

මුහුදු මහා විහාරයට අයත් ඉඩම්වල සංවර්ධන කටයුතු අධිකරණයෙන් තහනම් කෙරේ

colombotoday

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

colombotoday

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday