Colombo Today Local News

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්වාස කරන ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අද (2) පස්වරුවේ පැවසීය.

අයවැය දක්වා අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට සාකච්ඡාවලදී පොරොන්දුවී ඇතැයි කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා එසේ වැඩි වුවද තවත් රුපියල් 150 පාඩුවක් ඇති බවත් සඳහන් කළේය.

ආනයනකරුවන් පාඩුව කිරිපිටි සැපයීමට සූදානම් නොමැති නිසා හිඟය නැති වීමට නම් මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම වියයුතු බවත් මිල වැඩි කළ ද හිඟය සම්පූර්ණයෙන්ම නොව ක්‍රමානුකූලව අඩුවේ යැයි වීරසූරිය මහතා කීය.

වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000 බදාදා නිදහස් කරගත හොත් බ්‍රහස්පතින්දා සිට බෙදාහරින බවත් කඩවල රාක්ක පිරෙන්න නම් අඩුම තරමේ තවත් සති හතරක් පහක් ගතවේ යැයි වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය

colombotoday

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday