Colombo Today Local Newsfeatured

යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්

හෙට දිනට යෙදී තිබෙන ජේසු තුමාගේ උපත සිහි කෙරෙන නත්තල් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ යේසුස් තුමාණන් යනු සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරුන්ගෙන් හා දූතයින්ගෙන් කෙනෙකු බවයි.

ඔවුන් නිකුත්කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේයි.

නබි ඊසා නොහොත් යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත පිළිබඳ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ පණිවිඩය

නබි ඊසා නොහොත් යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත ලොව පුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් සහ මනස් ආකර්ෂණය වූ ආශ්චර්යයකි.

නබි ඊසා / යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) යනු සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරුන්ගෙන් හා දූතයින්ගෙන් කෙනෙකි. මුස්ලිම් ජනයාවූ අපි, නබි ඊසා / යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරයෙක් සහ දූතයෙක් යැයි විශ්වාස කරන්නෙමු. මෙතුමාණෝ නබි නූහ් (නෝහ්), නබි ඉබ්‍රාහිම් (ආබ්‍රහම්), නබි දාවුද් (දාවිද්), නබි මූසා (මෝසෙස්) සහ අවසාන වක්තෘ නබි මුහම්මද් (සියල්ලන්ටම ශාන්තිය අත්වේවා) වැනි නබිවරුන්ගේ දාමයේ කොටසකි.

ශුද්ධවූ අල්-කුර්ආනයේ නබි ඊසා / යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) පිළිබඳව නිශ්චිත වශයෙන් 25 වතාවක් සඳහන් වී ඇති අතර එතුමාණන්ගේ මව වන මර්යම් තුමියගේ (ඇයට ශාන්තිය අත්වේවා) මහිමය පිළිබඳව ශුද්ධවූ අල්-කුර්ආනයේ 34 වතාවක් සඳහන් වී ඇත. ශුද්ධවූ අල්-කුර්ආනයේ ‘ආලු-ඉම්රාන්’ සහ ‘මර්යම්’ නැමැති පරිච්ඡේද තුළින් නබි ඊසා / යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත පිළිබඳවූ මහා ප්‍රාතිහාර්යය පිළිබඳව සඳහන් වී ඇත. මෙය නබි ඊසා / යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) කෙරෙහි සියලු මුස්ලිම්වරු අතර ඇති උසස් බව හා ගරුත්වය නිරූපණය කිරීමකි.

සියලු දහම් වල මූලික මූලධර්ම වන්නේ ප්‍රේමය, කරුණාව, මනුෂ්‍යත්වය, යුක්තිය, සාමය සහ සමාදානය වැනි ගුණාංගයන් ය. මෙම ගුණාංග පාදක කරගනිමින් සියලු දහම් අතර ඵලදායී සංවාදයන් ගොඩනැගීමට කටයුතු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගීම, සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීම සහ මානව වර්ගයා මුහුණදෙන ගෝලීය අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදී විෂයන් සිදුවීම දැකිය හැකිය.

මේ දිනවල ලෝකවාසී කිතුනු සහෝදරයෝ නබි ඊසා/යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත සිහිපත් කරන්නෝය. නබි ඊසා / යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) ඇතුළු සියලු වක්තෘවරුන් දේශනා කළ පිළිගනු ලැබූ අලංකාරවත් ඉගැන්වීම් අනුගමනය කරමින් ලෝකවාසී සියලුදෙනාට යහමග, සාමය සහ සමෘද්ධිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි,

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි,
සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව.

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්,
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU).

Related posts

බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි

Admin

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday