Colombo Today Local News

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කළ බව සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

අද (03)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බව සඳහන් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, ඉන් එක වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව කීය.

එම වාර්තාවට අනුව මෙය ක්‍රියාත්මක කිරිමේ දි ජාතික ආරක්ෂාව පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය යන්න සඳහන් කර තිබූ බවද ඔහු කියා සිටියේ ය.

එසේම එවකට ජනාධිපතිවරයා යටතේ තිබු ජාතික ආර්ථික සභාව විසින් සකස් කළ වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතිව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ ද සඳහන් වන්නේ පුළුල් අධ්‍යයනයකින් තොරව මෙම ගිවිසුම අත්සන් නොකළ යුතුය යන්න බව ඔහු කීය.

එසේ වුවද ඉහත නිරික්ෂණ වාර්තා දෙක ම සැලකිල්ලට නොගෙන තිබු බව මෙහිදි මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් සඳහන් කළේය.

“එසේම මෙම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රි ලංකාවට පිළිගත හැක්කක් නොවෙයි.මෙහි මුදල් ගණුදෙනු කිරිමේ ක්‍රමවේදය ලංකාවේ සාමාන්‍ය විදේශ ගණුදෙණු සිදුකරන ක්‍රමවේදයට පටහැනියි”.

එසේම මෙම වාර්තාව ඇතුළේ ඇති විවිධ කොන්දේසි ඇති බවත් එම කොන්දේසි තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි, රටේ නීතිමය පද්ධතියට පටහැනි මෙන්ම එම ගිවිසුමේ අඩංගු නීති පාර්ලිමේන්තු පනතකින් රටේ නීති බවට සකස් විය යුතු බවට ද එහි ඇතුළත් කර තිබෙන බව ද මහාචාර්ය ගුණරුවන් කියා සිටියේ ය.

Related posts

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

colombotoday

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday