ලංකාවේ වයඹ දිග ප‍්‍රදේශය වී ගොවිතැනට ඉතාමත් සුදුසුය. නමුත් ජල සම්පාදනය එහි දුර්වල වේ. විජයගේ ආර්ය පාර්ශ්වය සිය රටේ දී කෘෂිකර්මයට පුරුදු පුහුණු වූ ආකාරයට ගංගාවලින් ජලය ලබා ගෙන ගොවිතැන් කිරීම නිරන්තරයෙන්ම දුෂ්කර වූවක් විය. එ් නිසා ස්වදේශීය යක්ෂ ජනතාවගෙන් උදව් උපකාර හා ශිල්පීය ඥානය ලබා ගැනීමට උත්සාහයක් ගත යුතු විය. නමුත් ආරම්භයේ දී එයට මගක් නොවීය. දේශපාලන විරසකභාවය නිසා ඔවුන් දෙපිරිස අතර නිරන්තර ගැටුම් පැවතුණි. වසභ රජු මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පැරණි මංගණ නගරය ආසන්නයේ හෝ මාන්තොට ප‍්‍රදේශයේ මන්ගුණු වැව බඳවන විට ඔහුට කළ හැකිව තිබුණේ විශාල වැටි දෙකක් තනවා එ් වැටි දෙකට වැව් බැම්ම චාපයක් ලෙසට සම්බන්ධ කරලීම පමණකි. නමුත් එ් අසලින් මල්වතු ඔය විශාල ජල කඳක් සමග ගලා ගියේය. එයින් ජලය ලබා ගැනීමේ ක‍්‍රමයකට යාමට හැකියාවක් එකල නොවීය. එයට දුන් විස`දුම නම් තෙක්කම අමුණ බැඳවීමයි.
මේ නිසා අතීතයේ දී මේ පෙදෙස තුළ විශාල සිංහල ජනගහනයක් වාසය කළ බවට සාක්ෂි ඇත. ඔවුහු යෝධ වැවට ජලය ගෙන එන ඇළට පහළින් විශාල කුඹුරු ප‍්‍රමාණයක් අස්වැද්¥හ. එසේම විශාල වැව් ප‍්‍රමාණයක් පෝෂණය කිරීමටද මේ ජලය යොදා ගත්හ. නමුත් දහනම වැනි සියවස වන විට මේ ප‍්‍රදේශයේ සිංහල ජනගහනය තුනී වෙමින් ඉන්දියාවේ සිට පැමිණි දෙමළ හින්දුන්ගෙන් පිරී ගියේය. 1953 වර්ෂය වන විට සිංහල ජනතාව වශයෙන් මෙහි ජීවත්ව සිට ඇත්තේ දෙදහකට අඩු සංඛ්‍යාවකි. කොටි ත‍්‍රස්තයින්ගේ අණසකට මෙම පෙදෙස යටත් වන විට 8170 දෙනකු මෙහි සිට ඇත. දැන් එහි ජීවත් වන්නේ 847 දෙනකු පමණකි. ඉතිහාසය ගොඩනැංවූ ජනතාවට අද අත්වී ඇති ඉරණම මෙසේය.
තම ඉඩම් පිළිබඳව අයිතිවාසිකම් ප‍්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කළද ඔවුනට සහනයක් නොලැබුණි. නැවත පදිංචි කිරීමේ ඇමැතිවරුන්ව සිටි මෙල්රෝයි ප‍්‍රනාන්දු හා රිෂාඞ් බද්යුදීන් යන දෙදෙනාගෙන් ද ඊට ප‍්‍රතිචාරයක් නොලැබුණි. අවසානයේ ඔවුන් මුරුංගන්වල සිමෙන්ති සංස්ථාවට අයත් නරිකාඩු බිම් කොටසේ තාවකාලිකව ගෙවල් කීපයක් සවිකර ගත්හ. මෙයට ප‍්‍රදේශයේ රජයේ සියලූ නිලධාරීන්ගෙන්ම විරෝධය එල්ල වූ අතර පසුව යුද හමුදාවේ විකුම් ලියනගේ මහතාගේ මැදිහත්වීම මත එම ප‍්‍රශ්නය විසඳීමට ඉහළ නිළධාරීන් යොමු කරවන ලදහ. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් එහි ප‍්‍රජාශාලාවක් සෑදවීම සඳහා ප‍්‍රතිපාදන වෙන්කෙරුණි.
මන්නාරම් දිස්ත‍්‍රික්කය කොටි ත‍්‍රස්තයින්ට එදා ඉතා වැදගත් ප‍්‍රදේශයක් විය. ඉන්දියාවත් සමග සමීප සබඳතා පැවැත්වීම පිණිස එහි කඳවුරු බැඳගත් ඔවුහු දෙමළ ජනතාව විශාල වශයෙන් එහි පදිංචි කළහ. කොටි සමග ඉතා හිතවත්ව කටයුතු කළ එම ප‍්‍රදේශයේ අගරදගුරු රායප්පු ජෝශෆ් කොටින්ට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කොට දුන්හ. මරදමඩු ප‍්‍රදේශය කොටින්ට ඉතා වැදගත් කලාපයක් වූ අතර එහි සිටි සිංහල ජනතාව ඊට බාධකයක් බැවින් කිසිවකුටත් එහි රැුඳී සිටීමට ඉඩ නුදුන්හ. මරදමඩුව ඔවුන් ගේ ත‍්‍රස්තවාදී බංකරයක් බවට පත් කරමින් ශ‍්‍රී ලංකා හමුදාවට ප‍්‍රහාර එල්ල කළහ. දැන් යුද්ධය අවසන්ය. එය නන්දිකඩාල් කලපුවේදී පරාජයට පත් කරන ලද්දේ දෙමළ ජාතිවාදයට හිස එසැවීමට ඉඩ නොතබන බවට ශපථ කරවමිනි. නමුත් යුද්ධය අවසන්ව වසර හතකට පසු අද තත්ත්වය ඊට වඩා බැ?රුම්ය. බෝම්බ පුපුරන්නේ නැති වුවද වෙඩි හඬ ඇසෙන්නේ නැති වුවද දෙමළ ජාතිවාදය සිය අ`ඩු පඬු දිග හරිමින් උතුරත් නැගෙනහිරත් වයඹත් වෙලා ගනිමින් තිබේ. මන්නාරමේ එදා ඉදි කළ නරිකාඩු නම් සිංහල ගම්මානයට ගිය විට එය වඩාත් පසක් වේ.
මුරුන්ගන් මරිච්චකට්ටු කොන්ඩච්චි මඩු ආදී තැන්වල සිටි මන්නාරම් සිංහලයන් අට දහසක් පමණ අනුරාධපුරය වව්නියාව ආදී තැන්වලට විසිර ගියද යුද්ධයෙන් පසුව ඇතැමෙක් යළි සිය ගම්බිම්වලට පැමිණියහ. නමුත් එ්වා අත්පත් කර ගෙන ඇති බව පෙනෙන විට ඔවුහු කම්පාවට පත් වූයේ නැත. පවුල් පනස් හයකින් නරිකාඩු ගම්මානය ඇරඹෙන්නේ එලෙසයි. එහි ජනතා මූලිකත්වය ගෙන කටයුතු කරන ආර්.එ්. ගුණපාල මහතා මේ කතාව අපට කියන්නේ යම් දුක්මුසු ස්වරයෙකිනි.
‘මගේ තාත්තා මන්නාරමට පැමිණියේ හතළිස් ගණන්වල. එ් කාලේ මන්නාරමේ වැඩි සෙන`ගක් හිටියේ නැහැ. තාත්තා මුරුංගන්වල වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. පස්සෙ අවට ඉඩම් වවාගෙන හිටියා. මඩු දේවස්ථානයට ආව ගිය පිරිස හිටියත් ස්ථීර ජනාවාස තිබුණේ අල්ප වශයෙන්. මුරුන්ගන් සිමෙන්ති සංස්ථාවෙ වැඩ කළ බොහෝ අය මෙහි පදිංචි වුණා. මේ ප‍්‍රදේශයේ තිබෙන බහුතර බෞද්ධ නටබුන්වලින් අපි දන්නව මේ ඉඩම් අපේ බව. එ් නිසා අපට බයක් තිබුණේ නැහැ. එ් කාලෙ කේ.කේ. කුලම් අවටත් බෞද්ධ නටබුන් තිබුණා.එහි තිබුණු වැව පස්සෙ කාලෙ අස්වද්දල කුඹුරු කලෙත් අපෙ අයමයි. යෝධ වැව ඇළෙන් එගොඩ වට්ටකණ්ඩල් කියන තැන්වලත් කුඹුරු කළා. තාත්තා 1962 වසරේ ඉඳල මේ ඉඩම්වලට බලපත‍්‍ර ඉල්ලූවත් දුන්නේ නෑ. යුද්ධ කාලේ අපි පවුල් පිටින් අවතැන් වුණා. ඉන් පස්සෙ ආපිට ආවත් එ් ඉඩම් දෙමළ අය අල්ලගෙන තිබුණා. පස්සේ තමයි මේ නරිකාඩුවලට පදිංචියට ආවෙ. තාත්තට නුදුන් වට්ටකණ්ඩල් ඉඩම දැන් දෙමළ ජනතාව බලෙන් අස්වද්දනවා. යෝධ වැව අභයභූමිය තුළත් මෙසේ අස්වද්දලා. එ් අයට බලපත‍්‍රත් දීලා. දැන් එ්වට නඩු වැටිලා. මුසලි මරිච්චකට්ටිවල ඉඩම් මුස්ලිම් අයට බෙදල දීල ගෙවල් එහෙම හදල පහසුකම් දුන්නට අපිට එ්ව ලැබුණෙ නෑ. බැරිම තැන මේ ළඟකදි අපි එකතුවෙලා පෝස්ටර් ගැහැව්වා. මේ ගැන කලබල වුණ දිසාපතිතුමා වතුර පුරව ගන්න වතුර ටැංකි දෙකක් ගෙනැවිත් දැම්මා. එ්ත් වතුර ලබෙන්නෙ ඉඳහිටයි. කොහොම වුණත් බොන්න වතුර නැති මේ ඉඩම්වල මිනිස්සු රඳන්නේ නැහැ. අනුලා විජේසුන්දර දොස්තර නෝනා ඇවිත් අපිට වතුර මෝටර වගයක් දුන්නා. අපි දැන් එ්වයින් ගොවිතැන් කරනවා. නමුත් බොන්න වතුර ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ වතුර පෙරනයක් ලැබුණොත් විතරයි.2011 හැදුව ප‍්‍රජාශාලාවේ වහලත් හුළඟට ගිහිල්ලා. කේ.කේ. කුලම්වල කුඹුරු බෙදල දුන්නොත් ගොවිතැන් කළෑකි. මේ ගම දියුණු කරන්න නම් අපිට ඉඩම් බලපත‍්‍ර ලැබෙන්නට ඕන.එ්ක දීම වළක්වන්නේ දෙමල නිලධාරීන්.’
මන්නාරමේ සැබෑ තත්ත්වය එසේය. හතළිස් ගණන්වල නොතිබූ පල්ලි අටවමින් ජනතාවගේ ඉඩම් කොල්ලකමින් තිබීම එක පැත්තකි. නමුත් ජාතික උරුමයක් හිමි සිංහල බෞද්ධ ජනතාවට උන්හිටි තැන් නැත. නැවත පදිංචි කිරිම් අධිකාරිය සහ අමාත්‍යාංශ තිබුණත් මේ කුඩම්මාගේ සැලකිල්ල ලැබෙන්නේ උතුරු පළාතේ ක‍්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය බෙහෙවින්ම ඔඩුදුවා ඇති බැවිනි.
මතුගම සෙනෙවිරුවන් (Rivira)