Colombo Today Local News

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට, හැටන් පන්මුරේ වතුයායේ පිහිටි ඕම් දේවි ශ්‍රී කුමාරි අම්මාන් කෝවිලේ ඊයේ (10) පැවති ශාන්ති කර්මයක් සඳහා ප්‍රදේශයේ ජිවත් වෙන ද්‍රවිඩ ජාතව විසින් ආරාධනා කර හරසර දක්වන ලදි.

ප්‍රදේශයේ දේශපාලකයින් මැතිවරණ කාලවලදී පමණක් චන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පැමිණෙන නමුත් පසුව ප්‍රදෙශයටවත් පැමිණෙන්නේ නැති බවත්, බොහෝ කාලයක සිට තමන්ව පිඩාවට පත්වී සිටින නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටලුවලට විසඳුම් ලබා දීම ඔවුන් මගහැර සිටින බවත් අප වෙත අදහස් දැක්වූ කුලී වැඩ ජීවිකාව කරගත් සෙල්වසාමි මහතා ප්‍රකාශ කර සිටියා.

ප්‍රදේශයේ දේශපාලකයෙකු නොවී තම ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබා දීම සඳහා ආණ්ඩුකාරවරයා ක්‍රියා කිරීම පිළිබඳව ගමේ ජනතාව පුදුමයට පත් වූ බව ප්‍රකාශ කර සිටි සෙල්වසාමි වසර ගණනාවක් පැවතී පාසලේ ගුරු පුරප්පාඩු මාසයකට වඩා අඩු කාලයකින් පිරවීමට කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුකාර තුමාට දේව ආශීර්වාදය ප්‍රර්ථනා කර සිටින බවත් ප්‍රකාශ කර සිටියා.

ද්‍රවිඩ භාෂාව හොඳින් කතා කරණ ආණ්ඩුකාරවරයෙකු ලබා දීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව වශයෙන් ජනාධිපතිවරයාට ස්තූතිය සහ දේවාශිර්වාදය පළ කරණ බව කෝවිලේ පුජාව පැවැත්වූ කුරුක්කල්වරයෙක් මෙහිදී සඳහන් කර සිටියා.

සේයාරූ සහ සටහන: හැටන් සිට නුවන් පද්මසිරි

Related posts

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

කසළ තේ අපනයන ජාවාරම්කරුවන් පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින්නුත් ඇද්දැයි විමර්ශන

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

අගමැති සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්… වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව

colombotoday