Colombo Today Local Newsfeatured

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ එක්ව විමර්ශනයක් අරඹා ඇත.

මේ පිළිබඳව ඇති අන්ත පුවත්පතක් කරුණු වාර්තා කර ඇති අතර මෙම සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කයක් ගැනීම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුම වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් සැක පල කර ඇත.

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සාමිවරයාගේ නිවසේ නවාතැන් ගන්නා බවටද තොරතුරු ලැබී ඇති බව වැඩිදුරටත් Colombo Today වෙත කරුණු වාර්තා විය.

උතුරෙන් දෙමළ පක්ෂයක් නියෝජනය කරමින් පසුගිය මැතිවරණවලට මෙම සාමිවරයා ඉදිරිපත්ව සිට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමිනි.

යළි ප්‍රති සංවිධානය වන එල්.ටී.ටී.ඊ. ජාලය ගැන පුලියන්කුලම් සිද්ධිය හරහා හෙළි වූ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් මෙහෙයවූ ආනන්ද රාජා, ශංකර්, වේන්ද්‍රන් (අප්පන්) කාර්තික් යන කණ්ඩායම් පිළිබඳව කරන විමර්ශනයකදී මෙම සාමිවරයා ගැන හෙළිවී ඇත.

යළි නැගිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධ විමර්ශන කරන අතරේ ප්‍රභූ ඝාතන ඉලක්ක සඳහා සූදානම් කර තිබූ බව කියන ක්ලේමෝ බෝම්බ දෙකක් කුට්ටිබේස් කොටි කඳවුරේ තිබී පුලියන්කුලම පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සොයගෙන තිබිණ. මීට අමතරව මෙම කොටි ජාලයේ වේන්ද්‍රන් ආගිය නිවසක තිබූ ක්ලේමෝ බෝම්බයක් මඩකලපුවේ සිට පැමිණි කොටි ක්‍රියාකාරීන් විසින් ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර ඇතැයි හෙළිවී ඇත.

මෙම විමර්ශනයේදී හෙළි වූ කොටි ත්‍රස්තවාදය යළි නැගිට්ටවීමට උත්සාහ කළ කාර්තික් නමැති කොටි ප්‍රබලයා හා සාමිවරයා එකට හිරගෙදර සිට ඇතැයිද හෙළිවී ඇත. මෙම සාමිවරයා කලක් කොළඹ ලොජ් (නවාතැන් පොළවල්) වල නැවතී සිට සාස්තර කියූ කෙනකුය. ජාත්‍යන්තර කොටි ජාලය සමග පාතාලය සම්බන්ධ කරදුන් වේන්ද්‍රන්වද සාමිවරයාට හමුවී ඇත්තේ අපරාධ චෝදනාවකට සිරගත වූ මොහොතේය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන්නට බාබු නමැති කොටි ත්‍රස්තයා යෙදවූ ආකාරයට සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන වේදිකාවකදී ප්‍රභූ ඝාතන සැලසුමකට මෙම සැලසුම කරන්නට ඇති බව බුද්ධි අංශ සැකකරන්නේය.

එල්.ටී.ටී.ඊ.ය යළි ප්‍රති සංවිධානය වීමත් ස්වාමිවරයා හා දකුණේ පාතාලය සම්බන්ධ කරගෙන ප්‍රභූ ඝාතන සඳහා ඩයස්පෝරාව කළ දීර්ඝකාලීන සැලසුම කුමක්ද යන්නත් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් මේ වන විට ඇරඹී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය.

Related posts

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday