Colombo Today Local News

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර්පතක් සුදුසුකම් සපුරා නොමැති සමාගමක් වෙත ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ලබා දී තිබෙනවා.

අදාළ පැමිණිල්ල…


10-25-2021
ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01

ගරු ජනාධිපතිතුමනි,

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර්පත් අංක MOD/TRI/01/2020 සම්බන්ධව.

2020 ඔක්තෝබර් 25 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සදහා පදක්කම් මිලදී ගැනීම සදහා අංක MOD/TRI/01/2020 යටතේ ටෙන්ඩර්පත් කැදවා ඇත. ඒ අනුව සමාගම් හතරක් ඒ සදහා ටෙන්ඩර්පත් යොමු කර ඇත. එම ටෙන්ඩර්පත් තාක්ෂණික කමිටුවක් මගින් සළකාබලා එම සමාගම් අතරින් සුදුසුකම් සපුරා නොමැති සමාගමක් වන M.H. Wali Mohammed and Company සමාගම ඉවත්කොට ඇත. එසේ ඉවත් කිරීමට හේතුවී ඇත්තේ අදාල සමාගම දේශීය බදු ඇතුලත්ව තම මිලගණන් ඉදිරිපත් නොකිරීමේ හේතුව මත හා ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය වන මූලික සුදුසුකමක් වන රුපියල් මිලියන 600 ක් හෝ ඊට සමාන පිරිවැටුපක් පසුගිය වසර 03 තුළ සපුරා නොමැති වීම නිසාය.

එහෙත් තාක්ෂණික කමිටුව විසින් ඉවත් කර ඇති සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම සදහා කටයුතු කරගෙන යන බවට අප වෙත දැනගැනීමට ලැබී ඇත. පවතින නීති රීති උල්ලංඝණය කරමින් අදාල සමාගම වෙත උක්ත ටෙන්ඩරය පිරිනැමීම දූෂණයක් වන අතර මේ පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු කර මූළික සුදුසුකම් සපුරා නොමැති එම සමාගම වෙත උක්ත ටෙන්ඩරය පිරිනැමීම නැවැත්වීම සදහා කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

පිටපත්
01.ආරක්ෂක ලේකම්තුමා

Related posts

රු. 800,000 කට අලෙවි වූ අඹ ගෙඩි දෙකක්: යාපනයේ පූජාවක

Admin

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

colombotoday

ආණ්ඩුව පරිණත නෑ අපිටත් මුහුණ දෙන්න බෑ

Admin

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday