Colombo Today Local News

අනුමැතිය අවශ්‍යනම් උතුරු පළාතේ ආරක්ෂක අංශ ඉදිකර ඇති රණවිරු ස්මාරක කඩා බිඳ දාන්න වෙනවා. | සුමන්තිරන්

යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්. යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.

එහෙම නම් උතුරු පළාත පුරාම ආරක්ෂක අංශ විසින් ඉදිකර ඇති රණවිරු ස්මාරක සියල්ලම කඩා බිඳ දාන්න වෙනවා. මේ වගේ ස්මාරක කිළිනොච්ච්ය, ආනෙයිඉරව්, පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් විවිධ තැන්වල ඉදි කරල තියෙනවා.

මේ රටේ තිබුණු යුද්ධයෙන් දහස් ගණන් හමුදා නිලධාරීන් මිය ගියා. ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒත් කිසි වරදක් නොකළ අහිංසක ජනතාවත් යුද්ධයේදි ඝාතනය වුණා. විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනෙ නැද්ද?

යුද්ධයෙන් මිය පිරිස යම් ජන ප්‍රජාවකට අයත් ජනතාවක් කියල ඔවුන්ගැන දුක්වෙන්නත් සිහිපත් කරන්නත් මේ ස්මාරක පොදු ස්ථානයක් වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඒ ස්මාරකය තිබුණු ස්ථානය එම සිසුන්ට විශේෂ ස්ථානයක් වෙන්න පුලුවන්” යැයිද කීය.

Related posts

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

colombotoday

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday