Colombo Today Local News

නගරාධිපතිගේ මයිලකටවත් අත නොතියයි. | නගරාධිපතිවරයාට උපන්දිනය සැමරූ ASPට ස්ථාන මාරුවක්

කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිය උපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ව මාරුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ස්ථාන මාරුව ට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බවය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබිණි.

Related posts

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

colombotoday

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න අධිකාරියක්

Admin

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday