Colombo Today Local News

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

හන්තාන හා නකල්ස් රක්ෂිතය පිළිබදව මේ වන විට ඇතිව තිබෙන අර්බුදය පිළිබදව දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය මගින් වහාම වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ (5) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

නකල්ස් රක්ෂිතය විකිණීමේ සූදානමක් ඇතැයි පරිසර සංවිධාන ගෙන යන විරෝධයේ කිසිදු සත්‍යතාවක් නැතැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමැති කබිර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත. ඒ අනුව නකල්ස් රක්ෂිතය සංවර්ධනය කරන ලෙස දේශීය ව්‍යාපාරිකයන්ට දී තිබෙන අතර එහි තණබිම්වල වගා කිරීම සඳහා වගාකරුවන්ටද අවස්ථාව ඇතැයි කබිර් හෂීම් මහතා එහිදී පැහැදිලි කර ඇත.

Related posts

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

colombotoday