Colombo Today Local News

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

ඉරිදා දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ෂරියා නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

ප‍්‍රශ්නය – අසාද් සාලි මහතා කියන්නේ දේශපාලන පක්ෂ නායකයෙක්. ඔහු මාධ්‍ය හමුවකදී සිදුකරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් දැන් පසුවන්නේ අත්අඩංගුවේ. මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක්ද…?

පිළිතුර – එතුමා අත්අඩංගුවට ගත්තේ ඔය ප‍්‍රකාශය පදනම් කරගෙන නෙමෙයි. පාස්කු ප‍්‍රහාරය සහ මාවනැල්ලේ බුදුපිළිම සඳහා පහරදීම යන සිද්ධි සම්බන්ධයෙන් තමයි, අසාද් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ. එහෙම චෝදනා තිබූ එතුමා එකවරම මාධ්‍ය හමුවක් තියලා ”ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලෝ තියා ගන්න… අපේ නීතිය මුස්ලිම් නීතිය… අපිට තියෙන්නේ ශරියා නීතිය…” කියලා කිව්වා. මේ කිව්වේ රටේ නීතිය ගැන. ශරියා නීතිය යම් අයෙකුට ඕනේ නම්, මේක නෙමෙයි තැන… ඒ ඒ තැන්වලට එහෙම ඕනේ අයට යන්න පුළුවන්… මේ රටේ සියලූ දෙනාට තියෙන්නේ එක නීතියයි. ඒ නීතිය රකින්න අපි ඉන්නවා. මෙහෙ ඒවා බැහැ. එම ප‍්‍රකාශය සඳහා එතුමාට වෙනම නඩුවක් වැටේවී. එහෙම කියපු එතුමාට දැන් තේරිලා ඇති මේ රටේ නීතියක් තියෙනවා, නීතිය බලවත් කියලා. ඒ විතරක් නෙමෙයි එතුමාගේ වාහනයේ ලයිසන් නැති පිස්තෝලයක් තිබිලත් අහුවුණා.

Related posts

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin