Colombo Today Sports NewsWorld

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ.

ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති තුනෙහි ම පෙරමුණට පැමිණි ලොව එකම පන්දු යවන්නා බවට පත් වෙමින් ජස්ප්‍රිට් බුම්‍රා මෙම ලෝක වාර්තාව තබා ඇත.

ඒ සමඟ මෙම සුවිශේෂ ලෝක වාර්තාව බුම්‍රා සතු වූයේ අයිසීසී නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ජස්ප්‍රිට් බුම්‍රා අංක 01ට පැමිනීමත් සමගය.

මේ අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි පළමු ඉන්දීය වේගපන්දු යවන්නා බවට ද ජස්ප්‍රිට් බුම්‍රා පත් ව ඇත.

මීට පෙර රවිචන්ද්‍රන් අශ්වින්, බිශාන් සිං බෙඩි සහ රවීන්ද්‍ර ජඩේජා යන තිදෙනා ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණ සිටි නමුත් ඔවුන් තිදෙනාම දඟ පන්දු යවන්නෝ වූහ.

නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ජස්ප්‍රිට් බුම්‍රා එංගලන්ත ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වූ අතර, බුම්‍රා ඉනිමක දී කඩුලු 06ක් දවා ගත් දෙවැනි අවස්ථාව එයයි.

Related posts

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

WATCH: රුසියානු ගුවන් යානය බිම දැම්මේ අපි – ISIS වගකීම බාරගනියි

colombotoday