World

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අද (03)පෙරවරුවේ එල්ල කළ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 80 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාමසාන් උපවාස කාලයේදී තමන්ගේ ප්‍රහාර මාලාව වැඩි කරන බවට පැවසූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මධ්‍යම බැග්ඩෑඩයේ කර්රාදා දිස්ත්‍රික්කයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.

රාමසාන් උපවාසය අවසන් වීම සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා බඩුබාහිරාදිය ලබාගැනීමට වෙළෙඳ සැල් කරා පැමිණි සාමාන්‍ය වැසියන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, සිද්ධියෙන් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද කියයි.

Related posts

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

colombotoday

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

colombotoday