සිරියාවේ ක්‍රිස්තියානි නගරයට බෝම්බ ඇටවූ කාර් රථ තුනකින් එල්ලකර ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් මියහොස් 80 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රෝහලක් සහ වෙළදපලක් ප්‍රහාරවල ඉලක්කය වී ඇති අතර මියගිය සහ තුවාල ලැබූ බොහෝදෙනා සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. අවට ඇති ගොඩනැගිලි පවා විනාශවන තරමේ පුපුරණද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රහාරය සදහා යොදාගන ඇති බවයි සැලකෙන්නේ.