Colombo Today Sports News

IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වැනිදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග 24ක් ඩුබායිහීදී ද, තරග 20ක් අබුඩාබිහීදී සහ තරග 12ක් සාජාහීදී ද පැවැත්වීමට නියමිතයි.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සහ, රාත‍්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වනු ඇති. තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගන පසුව ප‍්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

Related posts

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday