World

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

මුස්ලිම් මිෂනාරි ව්‍යාපාරයක් වන තබ්ලික් ජමාත් විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වූවන් විශාල ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් එම සමුළුවට සහබාගි වුවන් සොයා ඉන්දියාව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

මාර්තු 13 සිට 15 දක්වා COVID-19 තර්ජනය නොසලකා හරිමින් ආගමික රැස්වීමක් සංවිධානය කළ බවට චෝදනා කරමින් ඉන්දීය බලධාරීන් ඊයේ (31) අඟහරුවාදා තබ්ලිගි ජමාත් පරිශ්‍රයට මුද්‍රා තැබූහ.

රටේ පැරණිතම ඉස්ලාමීය සංවිධානයක් වන මෙම කණ්ඩායමට එරෙහිව මාර්ගෝපදේශ කඩ කිරීම සහ ශාරීරික දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන ඇත.

බලධාරීන් පැවසුවේ 1926 දී ආරම්භ කරන ලද මෙම කණ්ඩායමේ නවදිල්ලියේ මූලස්ථානය වන මාකස් නිසාමුදීන් හි පුද්ගලයන් 2,000 ක් පමණ රැඳී සිටින බවයි.

දිල්ලියේ සෞඛ්‍ය අමාත්‍ය සත්‍යෙන්දර් ජේන් වාර්තාකරුවන්ට පැවසුවේ අවම වශයෙන් එහි රැඳී සිටින පුද්ගලයින් 24 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවත් මෙම වැඩසටහනට සහභාගී වූ හත් දෙනෙකු මියගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ප්‍රධානි රිස්වි මුෆ්ති ද තබ්ලික් ජමාත් අනුගාමිකයෙකි.

aljazeera

Related posts

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයේ.. ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව කළහැකි සියළු දේ කරනවා – ප්‍රංශ ජනපති

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

Admin

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday