Colombo Today Local Newsfeatured

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

ICBT කැම්පස් ආයතනය විසින් පාඨමාලා පැවැත්වීම සඳහා තෘයිතික අධ්‍යාපන කොමිෂන් සභාව (TEVEC) වෙතින් ලබාගෙන තිබූ අවසරය පසුගිය අප්‍රේල් සිට කල් ඉකුත් වී තිබෙනවා. ඒ බව තෘයිතික අධ්‍යාපන කොමිෂන් සභා (TEVEC) වෙබ් අඩවියේ සටහන් කර ඇත. (https://nvq.gov.lk/Insreg_Home/Insreg_Registration_Search_View.php?regno=P01/0516)

මේ අනුව ICBT ආයතනයට තවදුරටත් පාඨමාලා පැවැත්වීමට තෘයිතික අධ්‍යාපන කොමිෂන් සභා (TEVEC) හී අවසරයක් නොමැති බවයි වාර්තාවන්නේ.

සිසුන් රවටමින් ICBT ආයතනය විසින් ව්‍යාජ පාඨමාලා පවත්වන බවට මීට පෙර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් කරන ලද විශේෂ හෙළිදරව්වක් Colombotoday අප වෙබ් අඩවිය විසින් වාර්තා කර සිටි අතර, එම අවස්ථාවේදී ද තෘයිතික කොමිසම විසින් ICBT කැම්පස් ආයතනයට තරයේ අවවාද කරන ලදි.

අප මේ පිළිබදව රංජිත් විතානගේ මහතාගෙන් විමසීමක් කරන ලද අතර ඔහු ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව අදාල ආයතනය විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර වාරණ නියෝගයක් ලබාගෙන ඇති නිසා තමන්ට ඒ පිළිබඳව අදහස් දැක්වීමට හැකියාවක් නැති බවයි. එහෙත් සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday

මැයව හදුනනවාද? වහාම පොලිසියට දන්වන්න.

colombotoday