Colombo Today Local News

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

අද (පෙබ. 28) හෙට (පෙබ. 29) සහ අනිද්දා (මාර්. 1) දිනවල පාසල් සිසුන් එළිමහනට යැවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අධික උණුසුම් කාලගුණය තවදුරට ත් ඉහළ යා හැකි බැවිනි.

අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බව ය.

සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අදාළ උපදෙස් මේ වන විට ත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේදී කටයුතු කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

colombotoday