Colombo Today Local News

මඩකළපුව, පූනානි ඉදිවන “ෂරියා විශ්වවිද්‍යාලය” හේතුවෙන් ඇමති හිස්බුල්ලා සහ පුතා වාලච්චේන උසාවියට

මඩකළපුව, පූනානිහි ඉදිවන, පසුගිය කාලයේ විවිධ පාර්ශව “ෂරියා විශ්වවිද්‍යාලයක්” ලෙස හැඳින්වූ ආන්දෝලනයට පත් පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකරමින් සිටි ඉදිකිරීම් සමාගම වූ ශ්‍රී ලංකා ගොඩනැඟිලි ඉදිකිරීම් සමුපකාර සමිතියට අයත් රුපියල් මිලියන 150ක් වටිනා යන්තේ‍රා්පකරණ බලහත්කාරයෙන් තබාගෙන පරිහරණය කරන ලද බවට චෝදනා ලබා සිටින පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට හෙට (14දා) පැමිණවීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමේ සභාපති ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත මහතා විසින් 2017 පෙබරවාරි 26දා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදුකර තිබේ.

අදාළ මඩකළපුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී ශ්‍රී ලංකා ගොඩනැඟිලි ඉදිකිරීම් සමුපකාර සමිතියට අයත් බව පැවසෙන යන්තේ‍රා්පකරණ පසුගියදා (11දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා සැකකාර රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස සමඟ වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

සෞදි අරාබියේ ආධාර මත පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ සභාපති ලෙස කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සහ කොන්ත්‍රාත් සමාගම වන ශ්‍රී ලංකා ගොඩනැඟිලි ඉදිකිරීම් සමුපකාර සමිතිය අතර 2016 ජනවාරි මාසයේදී ගිවිසුම් අස්සන් කර තිබිණි. ගිවිසුම අනුව 2019දී විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් අවසන් කළ යුතු විය.

පූනානි පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි 9ක් ඉදිකරමින් තිබියදී 2017 පෙබරවාරි 20දා සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලය 235කට අධික පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පලවා හැරි බවට එම ඉදිකිරීම් සමාගම පොලිස්පතිවරයාට පැමිණිලි කොට තිබේ. එසේ සේවකයන් පලවා හැරියද ඉදිකිරීම් සඳහා ගෙන එන ලද යන්තේ‍රා්පකරණ ලබා නොදුන් බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට අයත් අක්කර 50ක භූමියක ඉදිකරනු ලබයි.

Related posts

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday