Colombo Today Local News

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

ගොඩනැගිල්ලක් කුලියට දී තිබියදී කුලීකරු වෙළද සැල වසා දමා ඇති අවස්ථාවක එම වෙළද සැලේ ඉබි යතුරු කඩා ඇතුල්වී රුපියල් කෝටියකට අධික භාණ්ඩ රැගෙන එම භාණ්ඩ බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාරිකයෙකු වෙත අලවි කර භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ, එ.ජා.ප රතනපුර දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී අංකුබුර ආරචිගේ හේෂාන් විතානගේට එරෙහි නඩුවක් ඇඹිලිපිටිය අධිකරණයේ විභාග වන අතර අද දින එම නඩුව කැදවන ලදී .

2016 වසරේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/ආර් 818/16 යටතේ ගොනුකර ඇති මෙම නඩුව පවරා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේපදිංචි ව්‍යාපාරිකයෙකු වන අනුර මහේන්ද්‍ර නමැති අයයි.

අවස්ථා 3නකදී පැමිණිලිකරු විසින් පොලීසියට කරන ලද පැමිණිලි අනුව මෙම නඩුව පොලීසිය විසින් පවරා ඇත.
මෙම නඩුවේ තවත් සැකකරුවෙකුට 2018/10/17 දින චෝදනා ගොනුකරණ ලෙස අද දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නිරෝශි කුමාරි රාහින්ගල මහත්මිය විසින් පොලීසියට නියෝග කර ඇත. වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ වෙනුවෙන් නීතීවේදී විජිත පුංචිහේවා මහතා පෙනී සිටි අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිවේදී ජයනාත් මීඇල්ල මහතාගේ උපදෙස් පරිදි නීතිවේදී තසිත ගුණසේකර මහතා පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ පාර්ලි‌‌මේන්තුවවට නියෝජනය කිරීමට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සහ සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත. මීට පෙර මොහු ආන්දෝලනාත්මක බැදුම්කර සමාගමට අයත් මත්පැන් සමාගමක බෙදාහැරීමේ ආයතනයක් පවත්වාගෙන යෑම පිළිබදවද වාර්තා විය.

හේෂාන් විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වර්තමාන අටවෙනි පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ව්‍යාපාර සහ වානිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ව්‍යාපාර හා වානිජ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සම්බන්ධයෙන් ගැටලු විසඳීම පිළිබඳ අනු කාරක සභාව යන සභාවල සාමාජිකයෙකි.

———ආර්.පුෂ්පකුමාර——–

Related posts

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday

කෘෂිකර්මයෙන් කුළියට ගත් සිනමා නිලියගේ බිල්ඩිමට තවත් කෝටි 26ක් බිලි !

colombotoday

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday