Colombo Today Local News

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ හෙරෝයින් ජාවාරම්කරු

කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට ය.

සුදත් ප්‍රසන්න නමැති විත්තිකරුවෙකුට මෙලෙස දඩුවම් නියම කලේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ලබා දුන් තීන්දුවක් මතය.

2018 වසරේ ග්‍රෑන්ඩ්පාස්, ඛෙත්තාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි මෙම වැරදි කරුට මෙලෙස දඩුවම් නියම විය.

පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

Related posts

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

මීළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ – සුබ්‍රමිනියම් ස්වාමිගෙන් අනාවැකියක්

colombotoday

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday